අප ගැන

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් විසින් ලේක් හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය. ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (The Associated Newspapers of Ceylon Limited - ANCL) හෙවත් ලේක් හවුස් (Lake House) ආයතනය මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛත ම රාජ්‍ය මුද්‍රිත එක ම පුවත්පත් ආයතනය වේ. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන රාජ්‍ය   හිමිකාරීත්වය  යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.

වර්තමානයේ දී අප ආයතනය මගින් දිනපතා සහ සති අන්තයේ පළ කරනු ලබන දිනමිණ, සිළුමිණ, තිනකරන්, වාරමන්ජරී, Daily News හා Sunday Observer ආදී වූ ප්‍රවෘත්ති පත්‍ර වලට අමතරව සිනමා කර්මාන්තය සඳහා 'සරසවිය' නම් සිනමා පුවත්පත ද, බෞද්ධ පුණර්ජීවනය උදෙසා 'බුදුසරණපුවත්පත ද ආයුර්වේදය හා ජ්‍යෝතිෂ්‍යය වෙනුවෙන් 'සුබසෙත' පුවත්පත ද කාන්තාවන් උදෙසා 'තරුණී' පුවත්පතද සතිපතා නිකුත් කරණු ලබයි. මීට අමතරව වර්තමානයේදී ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ නැණස පාදා දීමේ කාර්යයට අත්වැලක් සපයමින් ලේක් හවුස් ආයතනය නවතම අධ්‍යාපනික ප්‍රකාශන මාලාවක් හඳුන්වා දී ඇත. එකී අධ්‍යාපන ප්‍රකාශන අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය නිර්දේශයට අනුකූල ව රජයේ පුහුණුව ලත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවී ඇදුරු මඬුල්ලකගේ කර්තෘත්වය යටතේ එළිදක්වා ඇත.

 
වර්ෂ 2019 යේ දෙසැම්බර් මස දී අභිනවයෙන් ලේක් හවුස් ආයතනයට පත්වූ සභාපතිතුමා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ මෙම අධ්‍යාපන ප්‍රකාශන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබීය.
 

ලේක් හවුස් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය

ලේක් හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ,
ජනාධිපති  නීතිඥ ඩබ්ලිව්. දයාරත්න

මූල්‍ය අධ්‍යක්ෂ,
නීතිඥ ජනක රණතුංග

මෙහෙයුම් අධ්‍යක්ෂ,
නීතිඥ කනිෂ්ක ජී. විතාරණ

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ,
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්

නීති හා පරිපාලන අධ්‍යක්ෂ,
නීතිඥ රඛිත අබේගුණවර්ධන

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

දැයේ දූ දරුවන්ගේ නැණ පහන් එළිය කිරීම සදහා සෑම වයස් කාණ්ඩයක් වෙනුවෙන් ම ලේක්හවුස් අධ්‍යාපන ප්‍රකාශන එළි දක්වා එම පුවත්පත් සම්බන්ධීකරණය හා මෙහෙයුම් කටයුතු කරණු ලබන්නේ ලේක් හවුස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟිනි. අධ්‍යාපන ප්‍රකාශනයන්හි ගුණාත්මක බව, විෂය සමගාමී බව ආරක්ෂාවන පරිදි මුළුමනින්ම විෂය නිර්දේශය ආවරණය කරමින් පාසල් අධ්‍යාපනයෙහි හිස් තැන් පිරවීම සදහා මෙකී ප්‍රකාශන පිටි වහලක් වනු ඇතැයි අප දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නෙමු.

සිසිර නාත් අධිකාරි
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී / අලෙවි හා අධ්‍යාපන ප්‍රකාශන

අධ්‍යාපන ප්‍රකාශන අලෙවි සම්බන්ධීකරණය හා මෙහෙයුම්

තරිඳු ජයතිලක

මංජු තරංගනී

නිපුන ලියනගේ‍
කළමනාකරු / පෙර මුද්‍රණ

අලෙවි දෙපාර්තමේන්තුව

 
 අමිල පීරිස්
 ජ්‍යෙෂ්ඨ කළමනාකරු  / අලෙවි හා පරිපාලන

කපිල ෆර්ඩිනැන්ඩස්
  කළමනාකරු  / අලෙවි

අංජන සිල්වා
  නියෝජ්‍ය කළමනාකරු  /අලෙවි

පී.චම්පා විමලවර්ධන ද සිල්වා
  සහකාර කළමනාකරු

කේ.ඒ.එස්. ලක්ෂාන්
දායක පත්‍ර අංශය

කර්තෘ මණ්ඩලය
අතුරු මිතුරු හා කුට්ටි චුට්ටි පුවත්පත් - චාම් නිර්මාන් ජයලත්

පළමු ශ්‍රේණියේ සිට පස් වැනි ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා වන 'මුතු අහුර' පුවත්පත
මුතු අහුර 1 - කනංකේ ප්‍රේමචන්ද්‍ර

මුතු අහුර 2 - ආනන්ද දිසානායක

මුතු අහුර 3- දිනේෂ් කොඩිතුවක්කු

මුතු අහුර 4 සහ 5 - අජිත් රවීන්ද්‍ර

පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා 'මුතු අහුර - English' පුවත්පත

මුතු අහුර ඉංග්‍රීසි 1 සහ 2 - පුබුදු ගයාන් ලාලිත

මුතු අහුර ඉංග්‍රීසි 3 - දිනේෂ් කොඩිතුවක්කු

මුතු අහුර ඉංග්‍රීසි 4 සහ 5 - දමින්ද ජීවන් රණසිංහ

හය වැනි  ශ්‍රේණියේ සිට අ.පො.ස. (සා.පෙළ) දක්වා වන 'සිත්මිණ' පුවත්පත

සිත්මිණ 6,7 සහ 8 - කුලවර්ධන ලේකම්ගේ

සිත්මිණ 9,10 සහ 11 - මනෝලි සුබසිංහ

බුදුසරණ දහම්පාසල - ඉරෝෂිණී දීපිකා

විදුනැණ පුවත්පත - හේමාලි විජේරත්න

මිහිර පුවත්පත - ජගත් හේවාපන්න